2024 ලෝක මානසික සෞඛ්‍ය සතියට සමගාමීව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන, උපදේශන අංශය විසින් සංවිධානය කෙරුණු ලැබු උපදේශන වැඩසටහන “රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දීමට කාලයයි” යන තේමාව යටතේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුතුව සෙත්සිරිපාය පරිශ්‍රයේ පැවැත්විණි.
මෙම අවස්ථාවට අමාත්‍යංශයේ අතිරේක ලේකම් රාධා නානායක්කාර මහත්මිය, උපදේශන අංශයේ අධ්‍යක්ෂ කේ.ජී.ආර්. ප්‍රියදර්ශනී මහත්මිය, උපදේශන අංශයේ බස්නාහිර පළාතේ දිස්ත්‍රික් හා ප්‍රදේශීය මට්ටමින් සේවා සපයන උපදේශන නිලධාරීන් ඇතුලු අමාත්‍යංශයේ සියලුම දෙපාර්තමේන්තුවල ප්‍රධානීන් හා නිලධාරීන් සහභාගී විය.
ඒ වගේම, ආචාර්ය කුමුදු ඒකනායක මහත්මිය විසින් ප්‍රධාන දේශනය පැවැත්වු අතර , පුද්ගල මනෝභාවයන්හි විවිධත්වය හා පුද්ගල මානසික සෞඛ්‍ය පවත්වා ගැනීමේ වැදගත්කම මෙන්ම 2024 වසරේ මානසික සෞඛ්‍ය දින තේමාව වු “රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දීමට කාලයයි” යන්න ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරෙන් පැහැදිලි කළ අතර නාට්‍ය ප්‍රතිකාර , සංගීත ප්‍රතිකාර ,චිත්‍ර ප්‍රතිකාර ඒ සඳහා භාවිතයට ගන්නා ලදී..