උපදේශන අංශය

2024 ලෝක මානසික සෞඛ්‍ය සතියට සමගාමීව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන, උපදේශන අංශය විසින් සංවිධානය කෙරුණු ලැබු උපදේශන වැඩසටහන “රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දීමට කාලයයි” යන තේමාව යටතේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සෙත්සිරිපාය පරිශ්‍රයේ පැවැත්විණි.

එහිදී, නිර්මාණාත්මක මනෝප්‍රතිකාරක , ආචාර්ය කුමුදු ඒකනායක මහත්මිය විසින් ප්‍රධාන දේශනය පැවැත්වු අතර , පුද්ගල මනෝභාවයන්හි විවිධත්වය හා පුද්ගල මානසික සෞඛ්‍ය පවත්වා ගැනීමේ වැදගත්කම මෙන්ම 2024 වසරේ මානසික සෞඛ්‍ය දින තේමාව වු “රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දීමට කාලයයි” යන්න ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරෙන් පැහැදිලි කළ අතර නාට්‍ය ප්‍රතිකාර , සංගීත ප්‍රතිකාර ,චිත්‍ර ප්‍රතිකාර ඒ සඳහා භාවිතයට ගන්නා ලදී.