උපදේශන අංශය

logo2

දැක්ම සහ මෙහෙවර

දැක්ම

සමබර පෞරුෂයකින් යුත් නිරෝගී ජාතියක්

මෙහෙවර

ශ්‍රී ලංකාව තුළ උපදේශන සේවාවේ කේන්ද්‍රීය ආයතනය ලෙස මානසික අසමතුලිතතා වැළැක්වීම පුද්ගල සංවර්ධනය ප්‍රතිකාරාත්මක උපදේශන සේවා සැපයීම මඟින් මානසික යහපැවැත්ම ඉහළ නංවා සෑම පුරවැසියෙක්ම ජාතික සංවර්ධනයට දායක කරවීම

වටිනාකම්

  • යහපතට හෝ අයහපතට අපට වෙනස් කළ හැකි අප සතු බලවත්ම දෙය සිත ය. නැතහොත් චින්තනයයි.


  • රටක් නියමාකාරයෙන් සංවර්ධනය වීමට එහි මිනිසුන්ගේ කායික මානසික සාමාජීය සහ ආධ්‍යාත්මික සෑම අංශයකම අඛණ්ඩ වර්ධනයෙන් යුත් යහපැවැත්ම වර්ධනය කළ යුතුය.


  •  සෑම මිනිසෙකු සතුව ම ගැටලූ විසදා ගැනීමේ හැකියාව අභ්‍යන්තරයේ සැගව තිබේ. අප යමක් කියන්නේද , කරන්නේද , විඳින්නේද හෝ විඳවන්නේද සිත මුල් කරගෙනය. සිතන ආකාරය හැඩගස්වා ගැනීමෙන් ඒ සියල්ල වෙනස් කළ හැක.


  • ඕනෑම තැනක , දෙයක හෝ කෙනෙකුගේ සංවර්ධනය සිතුවිල්ලකින් ආරම්භ වන්නකි.


මනෝවිද්‍යාත්මක උපදේශනයේ සුවිශේෂතා

  • ජාතික , දිස්ත‍්‍රික් , ප‍්‍රාදේශීය ලෙස සුපරීක්ෂණ ක‍්‍රමයක් අඛණ්ඩව ක‍්‍රියාත්මක වේ.


  • උපාධිධාරී , පුහුණු , සායනික අත්දැකීම් ඇති මනෝවිද්‍යා උපදේශන නිලධාරීන්


  • විශ්වාසනීයත්වය සේම රහස්‍යභාවය සුරැකීම ඇතුළු ආචාර ධර්ම රැසක් සුරකින මනෝවිද්‍යා උපදේශන නිලධාරීන්


  • පිරිමි / කාන්තා දෙපාර්ශවයේම මනෝවිද්‍යා උපදේශන නිලධාරීන් ඔබේ සහයට


  • මානසික මෙන්ම මනෝසමාජයීය ගැටලූ ජයගැනීමට මනෝවිද්‍යාත්මක ප‍්‍රතිකාරමය උපදේශන සේවා සමග


  • එම ගැටලූ අවම කිරීමට විවිධාකාරයෙන් මැදිහත්වීමට ප‍්‍රමුඛතාවය ලබා දේ


  • පැනනගින ජාතික අවශ්‍යතාවයන් වෙනුවෙන් නිරන්තරයෙන් කැපවේ. යුද්ධය , ගංවතුර , නායයෑම් , සුනාමි , වසංගත වැනි ස්වාභාවික ආපදාවන්හි සේම මේ අවස්ථාවේ නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් ව්‍යාපාර හා ප‍්‍රජා සංවර්ධන උපදේශනයෙන් දායක වේ