Skip to main content

උපදේශන අංශය

ප්‍රධාන අරමුණ

National Anti-Corruption Action Plan Sri Lanka owl emblem

අභ්‍යන්තර කටයුතු ඒකකය - IAU

හැඳින්වීම

රජයේ නිලධාරීන්ගේ අඛණ්ඩතාව සහතික කරමින්, ශ්‍රී ලංකාව තුළ අල්ලසෙන් හා දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම කෙරෙහි රජයේ ප්‍රමුඛ අවධානය යොමු වී තිබේ. රාජ්‍ය අංශයේ ශක්තිමත් දූෂණ විරෝධී පියවරයන් හඳුන්වාදීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 156 වන වගන්තිය යටතේ එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතිය (UNCAC) ඇතුළු අනෙකුත් ජාත්‍යන්තර දූෂණ විරෝධී සම්මුතීන් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම්වලට අනුකූල වන අතර එය 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතට අනුකූලව, ළඟදීම නිකුත් කිරීමට නියමිත අල්ලස් හා දූෂණ වැළැක්වීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2025 – 2029) සහ රජයේ අනෙකුත් ප්‍රතිපත්තිමය අරමුණු සමඟ සමපාත වේ.

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ළඟදීම ප්‍රකාශයට පත් කිරීමට නියමිත අල්ලස් හා දූෂණ වැළැක්වීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2025 – 2029) සහ රජයේ අනෙකුත් ප්‍රතිපත්තිමය අරමුණු සමඟ සමපාත වේ.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ දූෂණය මැඩපැවැත්වීමේ ක්‍රියාවලියේ ප්‍රධාන පියවරක් ලෙස, ජනාධිපති ලේකම්වරයාගේ අංක:PS/SB/Circular/2/2025 සහ 2025.02.18 දිනැති චක්‍රලේඛයට අනුකූලව, සියලුම පුරවැසියන්ට ඵලදායී ලෙස රජයේ සේවාවන් සැපයීම සඳහා, රාජ්‍ය ආයතන පුරා විනිවිදභාවය, වගවීම සහ අඛණ්ඩතාව පෝෂණය කරන සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා අපගේ අමාත්‍යාංශයේ අභ්‍යන්තර කටයුතු ඒකකය ස්ථාපිත කර ඇත.

අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධාන අරමුණු

  • දූෂණය වැළැක්වීම සහ සංවිධානය තුළ අඛණ්ඩතාවයේ සංස්කෘතියක් ඇති කිරීම.
  • ආයතනයේ සියලුම ක්‍රියාකාරකම්වල විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සහ ආයතනික ක්‍රියාකාරකම් සහ තීරණවලට අදාළ තොරතුරු වෙත මහජනතාවට ප්‍රවේශය සහතික කිරීම.
  • ආයතනය තුළ ආචාර ධර්ම කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම.
  • විෂමාචාර වාර්තා කිරීම දිරිමත් කිරීම, අයථා ක්‍රියා දැනුම් දෙන්නන් ආරක්ෂා කිරීම සහ රහස්‍යභාවය පවත්වා ගැනීම සඳහා ආරක්ෂිත සහ ප්‍රවේශ විය හැකි පද්ධතියක් සංවර්ධනය කිරීම.
  • නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සමඟ සහයෝගයෙන් නීති ක්‍රියාත්මක කිරීමට සහාය වීම.