උපදේශන අංශය

ලෝක මානසික සෞඛ්‍ය සතියට සමගාමීව උපදේශන වැඩසටහන

ලෝක මානසික සෞඛ්‍ය සතියට සමගාමීව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම අමාත්‍යාංශයේ උපදේශන අංශය විසින් සංවිධානය කරනු ලැබූ උපදේශන වැඩසටහන ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ගරු නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මැතිතුමාගේ සහභාගීත්වයෙන්, අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතාගේ උපදේශකත්වයෙන් 2025.10.16 දින සුහුරුපාය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් (සමාජ ආරක්ෂණ) හේමා පෙරේරා මහත්මිය, අතිරේක ලේකම් (පරිපාලන) රාධා නානායක්කාර මහත්මිය, උපදේශන අංශයේ අධ්‍යක්ෂ ආර්.ඩී.පී. වෙඩික්කාර මහත්මිය ඇතුළු අමාත්‍යාංශයේ අනෙකුත් අංශ ප්‍රධානීන්, අමාත්‍යාංශය යටතේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් උපදේශන සේවා සපයන උපදේශන නිලධාරීන් මෙන්ම තවත් විවිධ අංශ නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී විය.

මෙම වැඩසටහනේ වැදගත්ම අංගයක් ලෙස උපදේශන අංශය විසින් සැකසූ උපදේශනය පිළිබඳ විශේෂාංග ලිපි ඇතුළත් “උපදේශනා” නම් වාර්ෂික විද්‍යුත් සඟරාවේ සිව්වන කලාපය ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මැතිතුමා අතින් එලි දැක්වුණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *