ලෝක මානසික සෞඛ්‍ය සංසදය විසින් (World Federation for Mental Health) ලෝක මානසික සෞඛ්‍ය දිනය සෑම වසරකම ඔක්තෝම්බර් මස 10 වන දින සමරනු ලබයි. ශ්‍රී ලාංකික ප්‍රජාවගේ මානසික සෞඛ්‍යයේ යහපැවැත්ම වෙනුවෙන් කටයුතු කරන ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ උපදේශන අංශය මඟින් මානසික සෞඛ්‍ය දින සැමරුමට සමගාමී විශේෂ උපදේශන වැඩසටහනක් 2025.10.16 දින සුහුරුපාය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙම වැඩසටහන 2025 වර්ෂය සඳහා ලෝක මානසික සෞඛ්‍ය සංසදය විසින් ඉදිරිපත් කරන ලද “ව්‍යසන හා හදිසි අවස්ථාවලදී මානසික සෞඛ්‍ය” (Mental Health in Catastrophes and Emergencies) යන තේමාව මූලික කරගනිමින් පැවැත්විණි.
මෙම වැඩසටහනේ දී ආචාර්ය කුමුදු ඒකනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් එතුමියගේ නාට්‍ය කණ්ඩායම විසින් “ව්‍යසන හා හදිසි අවස්ථාවලදී මානසික සෞඛ්‍ය” යන තේමාව මනා ලෙස පැහැදිලි කරමින් “මනෝ රංග විනිශ්චසභා වේදිකාව” නමින් නිර්මාණාත්මක මනෝචිකිත්සක නාට්‍යයක් ඉදිරිපත් කරන ලදී.
ඊට අමතරව උපදේශන දින තේමාව වන “ව්‍යසන හා හදිසි අවස්ථාවලදී මානසික සෞඛ්‍ය” පිළිබඳ විද්වත් කතිකාවතක් මෙම වැඩසටහන අතරතුරදී පැවැත්විණි. ඒ සඳහා සායනික මනෝවිද්‍යාඥ ආචාර්ය කාන්ති හෙට්ටිගොඩ මහත්මිය, මහාචාර්ය ගාමිණී රංජිත් මහත්මා, මනෝවිද්‍යා උපදේශන නිලධාරි ධර්මසිරි මල්ලිකාරච්චි මහත්මා සහභාගී වූ අතර විද්වත් කතිකාවත මෙහෙයවීම උපදේශන නිලධාරි ආචාර්ය සුසන්ත බණ්ඩාර මහත්මා විසින් සිදුකරන ලදී.