ලෝක මානසික සෞඛ්ය සංසදය විසින් (World Federation for Mental Health) ලෝක මානසික සෞඛ්ය දිනය සෑම වසරකම ඔක්තෝම්බර් මස 10 වන දින සමරනු ලබයි. ශ්රී ලාංකික ප්රජාවගේ මානසික සෞඛ්යයේ යහපැවැත්ම වෙනුවෙන් කටයුතු කරන ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම අමාත්යාංශයේ උපදේශන අංශය විසින් සංවිධානය කරනු ලැබූ උපදේශන වැඩසටහන ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා සවිබලගැන්වීම් ගරු අමාත්ය ආචාර්ය උපාලි පන්නිලගේ මැතිතුමාගේ ප්රධානත්වයෙන්, අමාත්යාංශ ලේකම් සම්පත් මන්ත්රිනායක මහතාගේ උපදේශකත්වයෙන් 2026.10.16 දින සෙත්සිරිපාය II අදියරෙහි 11 වන මහලේ පිහිටි ප්රධාන ශ්රවණාගාරයේ දී පැවැත්වුණ අතර ගරු නියෝජ්ය අමාත්ය වසන්ත පියතිස්ස මැතිතුමාද සුභාසිංශන එක් කර තිබුණි.
මෙම වැඩසටහන 2026 වර්ෂය සඳහා ලෝක මානසික සෞඛ්ය සංසදය විසින් ඉදිරිපත් කරන ලද “ජීවිත අත්දැකීම්වලට සවන් දෙමු: සැබෑ හඬින් සැබෑ වෙනසක් කරා” (Lived Experiences Heard: Real Voices, Real Change) යන තේමාව මූලික කරගනිමින් පැවැත්විණි.
මෙම අවස්ථාවට අතිරේක ලේකම් (පරිපාලන) රාධා නානායක්කාර මහත්මිය, අතිරේක ලේකම් (ප්රජා සවිබලගැන්වීම්) නාලිකා පියසේන මහත්මිය, ආබාධිත මහ ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජයමාලි සී. වික්රමආරච්චි මහත්මිය, උපදේශන අංශයේ අධ්යක්ෂ ආර්.ඩී.පී. වෙඩික්කාර මහත්මිය ඇතුළු අමාත්යාංශයේ අනෙකුත් අංශ ප්රධානීන්, අමාත්යාංශය යටතේ දිස්ත්රික් හා ප්රාදේශීය මට්ටමින් උපදේශන සේවා සපයන උපදේශන නිලධාරීන් මෙන්ම තවත් විවිධ අංශ නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී විය.
මෙම වැඩසටහනේ වැදගත්ම අංගයක් ලෙස උපදේශන අංශය විසින් සැකසූ උපදේශනය පිළිබඳ විශේෂාංග ලිපි ඇතුළත් “උපදේශනා” නම් වාර්ෂික විද්යුත් සඟරාවේ පස්වන කලාපය ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා සවිබලගැන්වීම් ගරු අමාත්ය ආචාර්ය උපාලි පන්නිලගේ මැතිතුමා අතින් එලි දැක්වුණි.
මෙම වැඩසටහනේ දී ආචාර්ය කුමුදු ඒකනායක මහත්මියගේ ප්රධානත්වයෙන් එතුමියගේ නාට්ය කණ්ඩායම විසින් ” ජීවිත අත්දැකීම්වලට සවන් දෙමු: සැබෑ හඬින් සැබෑ වෙනසක් කරා ” යන තේමාව මනා ලෙස පැහැදිලි කරමින් නිර්මාණාත්මක මනෝචිකිත්සක නාට්යයක් ඉදිරිපත් කරන ලදී.
මීට අමතරව උපදේශන අංශය විසින් දීප ව්යාප්ත චිත්ර තරඟයක් කණිෂ්ඨ, ජ්යෙෂ්ඨ, ජ්යෙෂ්ඨ ද්විතියික හා විවෘත යන අංශ හතරක් ඇතුළත් වන සේ සංවිධානය කල අතර, ඉන් ජයග්රහණය කළ හා කුසලතා දැක්වූ චිත්ර 200කට අධික සංඛ්යාවක් ප්රදර්ශනය කරමින් චිත්ර ප්රදර්ශනයක් ද උපදේශන දින සැමරුම් උත්වයට සමගාමීව එදිනම සෙත්සිරිපාය පරිශ්රයේදී පැවැත්වෙන ලදී.
උපදේශන අංශය යටතේ දිස්ත්රික් හා ප්රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන උපදේශන නිලධාරීන් අතර කෙටි වීඩියෝ හා චිත්රපට තරඟයක්ද මෙයට සමගාමීව පැවැත්වූ අතර, ඉහත චිත්ර තරඟයේ හා වීඩියෝ තරඟයේ ජයග්රාහකයින්ට ත්යාග හා සහතික පත්ර බෙදා දීමද මෙම උපදේශන දින සැමරුම් උත්සවයේදී සිදුවිය.