2026 ලෝක මානසික සෞඛ්ය සතියට සමගාමීව ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන උපදේශන අංශය විසින් සංවිධානය කරනු ලැබූ උපදේශන වැඩසටහන “ජීවිත අත්දැකීම්වලට සවන් දෙමු: සැබෑ හඬින් සැබෑ වෙනසක් කරා” (Lived Experiences Heard: Real Voices, Real Change) යන තේමාව යටතේ 2026.10.16 දින සෙත්සිරිපාය II අදියරෙහි 11 වන මහලේ පිහිටි ප්රධාන ශ්රවණාගාරයේ දී පැවැත්විණි.
එහිදී ආචාර්ය ඉරෝමි ආරියරත්න මහත්මිය විසින් ප්රධාන දේශනය පැවැත්වූ අතර එතුමිය විසින් 2026 වසරේ මානසික සෞඛ්ය දින තේමාව වූ “ජීවිත අත්දැකීම්වලට සවන් දෙමු: සැබෑ හඬින් සැබෑ වෙනසක් කරා” යන්න මනෝවිද්යාත්මක හා උපදේශනාත්මක න්යායන් තුළින් මනාව පැහැදිලි කරන ලදී.