උපදේශන අංශය
අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවති 2025-2029 ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම දියත් කිරීමට සමගාමීව, 2025.04.09 වන දින අපගේ අමාත්‍යාංශයේ අභ්‍යන්තර කටයුතු ඒකකය ආරම්භ කරන ලදී.
ඒ අනුව, අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නායකත්වයෙන් අමාත්‍යාංශයේ අභ්‍යන්තර කටයුතු ඒකකය ස්ථාපිත කරන ලදී. අමාත්‍යාංශය
යටතේ ස්ථාපිත අභ්‍යන්තර කටයුතු ඒකකයේ කාර්යභාරය පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීම, පද්ධතිමය බාධක හඳුනා ගැනීම සහ සරල කිරීම සහ දූෂණයේ අවදානම තක්සේරු කිරීම සඳහා පුහුණු වැඩසටහන් දෙකක් 2025.06.19 සහ 2025.06.26 යන දිනවල පැවැත්විණි.
පුරවැසි ප්රඥප්තිය සකස් කිරීම, පද්ධතිමය බාධක හඳුනා ගැනීම සහ සරල කිරීම සහ දූෂණ අවදානම් තක්සේරු කිරීම පිළිබඳ ප්‍රායෝගික වැඩමුළු 2025.07.22, 2025.07.28, 2025.07.29, 2025.07.30, 2025.07.31, 2025.08.01 සහ 2025.08.04 යන දිනවල බොරැල්ල සහ පිළිමතලාව ග්‍රාමීය සංවර්ධන පුහුණු හා පර්යේෂණ ආයතනවලදී පැවැත්විණි.