උපදේශන අංශය

logo2

ගරු. අනුප පැස්කුවල්, එම්.පී. සමාජ සවිබල ගැන්වීමේ රාජ්ය ඇමති

ලෝක මානසික සෞඛ්‍ය සතියට සමගාමීව සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන, උපදේශන අංශය විසින් සංවිධානය කෙරුණු ලැබු උපදේශන වැඩසටහන සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය ගරු අනුප පස්කුවල් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුතුව “මානසික සෞඛ්‍යය විශ්වීය මානව අයිතිවාසිකමකි” යන තේමාව යටතේ පැවැත්විණි.

මෙම අවස්ථාවට සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශයේ ලේකම් යමුනා පෙරේරා මහත්මිය, උපදේශන අංශයේ කේ.ජී.ආර්. ප්‍රියදර්ශනී මහත්මිය, උපදේශන අංශයේ ප්‍රදේශීය මට්ටමේ ක්‍රියාත්මක වන නිලධාරීන් ඇතුලු අමාත්‍යංශයේ සියලුම දෙපාර්තමේන්තුවල ප්‍රධානීන් හා නිලධාරීන් සහභාගී විය.

ඒ වගේම, කොළඹ විශ්වවිද්‍යාලයේ, සමාජවිද්‍යා මහාචාර්ය මොහමෙඩ් තහිර් මහීස් මහතා , උපදේශන අංශයේ ආරාධනත්වයෙන් පැමිණ සිටි අතර එතුමන් විසින් මානසික සෞඛ්‍යයේ වගේම උපදේශනයේ වැදගත්කම පිලිබඳව මනා දේශනාවක් සිදුකලේය. සංගීතය, සිනමාව, සොබාව සෞන්දර්‍යය, සංස්කෘතිය වගේම මානව සම්බන්දතා තුලින් ලොකු කුඩා වගේම දුප්පත් පොහොසත් භේදයකින් තොරව උකහා ගන්නා මානසික උත්තෙජනය උපදේශන සේවාවක් ලෙස සමාජයට කරනා යහපත් බලපැම එතුමා පැහැදිලි කලේය.

මෙම වැඩසටහනේදී, සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ගරු අනුප පැස්කුවල් මැතිතුමා ,සමාජ සවිබලගැනීමේ අත්‍යවශ්‍ය අංගයක් වන මානසික සවිබලගනිව්ම පිලිබඳව කරුණු ඉතිරිපත් කලේය.

රටක් තිරසාරව සංවර්ධනය කිරීම සඳහා භෞතිකව සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීම පමණක් සාර්ථක නොවේ. රටක වෙසෙන ජනතාව කායිකව, මානසිකව, සාමාජීයව සහ අධ්‍යාත්මික වශයෙන් ද සංවර්ධනය කළ යුතු වේ. මනෝවිද්‍යාත්මක උපදේශන සේවාවන් වලින් මූලිකවම සිදු කරනු ලබන්නේ මිනිසුන් මානසිකව, සමාජීයව සහ ආධ්‍යාත්මිකව නොව ඔවුන්ගේ ජීවන අභිවෘධිය ගොඩනංවා ගැනීමට අවශ්‍ය මඟපෙන්වීමක් ලබාදීමයි.

එමෙන්ම වර්තමානයේ රජය විසින් හඳුන්වාදී ඇති වැඩපිලිවෙළට සමගාමීව අඩුආදායම්ලාභී ජනතාව ස්ථිර යාන්ත්‍රනයක් තුලින් සහනාධාර මානසිකත්වයෙන් මුදවා නිශ්පාදන ආර්ථිකයක් දක්වා සවිබල ගැන්වීමේ වැඩපිලිවෙල සඳහාද යොමුකරවීමට හැකිවනුයේ මෙවන් මානසික සවිබලගැන්වීමක් තුළින් බව ඔහු විශ්වාස කරන බව ප්‍රකාශ කලේය.

මෙම වැඩසටහනේ වැදගත්ම අංගයක් ලෙස උපදේශන අංශය විසින් ඔවුන්ගේ “උපදේශනා” නම් වාර්ෂික විද්‍යුත් සඟරාවෙ තෙවන කලාපය ගරු අනුප පස්කුවල් මැතිතුමා අතින් එලි දැක්වුණි.